එමිරේට්ස් රාජ්‍ය මීදුමෙන් වැසෙයි



එමිරේට්ස් රාජ්‍යයේ පැවති අධික මීදුම් සහිත තත්වයක් හේතුවෙන් එමිරේට්ස් රාජ්‍යයේ මුහුදු බඩ සහ රට අභ්‍යන්තරයේ ඇති මාර්ග වල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබූ අතර විනාඩි 30ක් ඇතුලත මාර්ග අනතුරු හයක් සිදුවී ඇති බව වාර්තා වේ. 

වායු ගෝලයේ අර්ද්‍රතාවය 95% දක්වා වැඩිවීම මෙම තත්වයට හේතුවූ බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කරනු ලබන දෛනික කාලගුණ වාර්තාවේ සදහන් කර ඇත. 

මීදුම් තත්වය හේතුවෙන් මීටර් 500ක දුර සීමාවක ප්‍රෙද්ශයක් පමණක් පැහැදිලිව දර්ශනය වූ බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS