එන්නත් මිශ්‍ර කිරීමට අනුමැතිය

යුරෝපා සංගමයට අයත් රටවල, කොවිඩ් මර්දන එත්තත් මිශ්‍ර කිරීම සදහා යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය (European Medicines Agency) අනුමැතිය ලබා දී තිබේ.
යුරෝපා සංගමයට අයත් රටවලට ඖෂධ නිර්දේශ කරන්නේ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනයයි.
ඒ අනුව 'කොවිඩ් 19' පරාජය කිරීමේ සටනේ දී, පළමු සහ දෙවැනි එන්නත් ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' වැනි එන්නත් ලබා ගත් පුද්ගලයන්ට තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටරය ලෙස 'ෆයිසර්' ලබා දීම සිදුවෙයි.
එන්නත් මිශ්‍ර කිරීමෙන් 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදවලට පවා ශක්තිමත් ප්‍රතිශක්තියක් නිර්මාණය වන බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය සායනික වාර්තා අනුව පැහැදිලි කර තිබේ.
පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලෙස 'ෆයිසර්' ලබා ගත් අයට තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සිදුවන්නේ 'ෆයිසර්' බව ද පැවැසෙයි.
එකිනෙකට වෙනස් එන්නත් වර්ග යොදාගැනීම 'විෂමජාතීය එන්නත්කරණය' ලෙස යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය හඳුන්වා දී ඇත.
(රොයිටර්)

