එන්නත් ගන්න අදිමදි කරන්න එපා



'කොවිඩ් 19'හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ඇති හොඳම අවිය එන්නත්කරණය බවත්, අදිමදි නොකර එය කඩිනමින් ලබා ගන්නැයි සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයන් කොරෝනා වයිරසය ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ද එම ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය සී.ඩී.සී. ආයතනය මඟින් නිකුත් කළ නවතම අධ්‍යයනයක සඳහන් වෙයි. ඇති එම අධ්‍යයන වාර්තාවේ සඳහන් ආකාරයට පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිත ව රෝහල්ගත කිරීමේ අවස්ථාව ද දස ගුණයකින් අඩුය.

සී.ඩී.සී. ආයතනය එම අධ්‍යයනයට අදාල විද්‍යාත්මක පැහැදිලි කිරීම් කිහිපයක් ද ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, කොරෝනා 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව ඒ අනුව පැහැදිලි වෙයි.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා යැයි එහි සඳහන්ය. මේ නිසා තෙවැනි වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර තිබේ.

මේ අතර, අමෙරිකාවේ වයස අවුරුදු 12 අඩු ළමුන්ට ලබන මාසයේ සිට ෆයිසර් එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ. වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා වන ෆයිසර් සහ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් වල ආරක්‍ෂාව තීරණය කිරීම සඳහා සායනික අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින අතර, මෙම වසර අවසානයේදී හදිසි ප්‍රතිකාර සඳහා අවසර ලබා ගැනීමට හැකි වන පරිදි ලබන මාසයේදී දත්ත නිකුත් කළ හැකි බව ඇමෙරිකන් ළමා රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරු පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS