එක්සත් අරාබි එමීර් යුද නැවක් අනතුරේ

එක්සත් අරාබි එමීර් විසින් බද්දට ගනු ලැබූ යුද නැවක් යේමනයට නුදුරු වෙරළේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම අනතුරින් කිසිවකුටත් ජිවිත හානි සිදුවී නැති බවද මෙම අනතුර සිදුවී ුඇත්තේ බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
යුද නැව යේමනයේ ඒඩන් නගරයේ දෛනික මෙහෙයුමකින් පසුව ආපසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරට හේතුව කුමක්දැයි කියා පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ආරක්සකා හමුදා පවසයි.
2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී හූදි සටන් කරුවන් යේමනයේ අගනුවර සානා අල්ලා ගැනීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නීත්‍යානුකූල යේමන රජය නැවත ස්ථාපනය කිරීම සඳහා සෞදි අරාබිය සමග සහයෝගයෙන් කටයුතු කරයි.

