එක්සත් අරාබි එමීරයේ තැපෑල මේ ඉරිදා වැසේ



එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඇති සියලු තැපැල් කාර්යාල ඔක්තෝබර් 02දා (ඉරිදා) වසා තැබේ.

මෙසේ තැපැල් කාර්යාල සියල්ල වසා තැබෙනුයේ ඔක්තෝබර් 02 දාට (ඉරිදා) යෙදෙන අල් හජ්රි ඉස්ලාමීය නව වසර වෙනුවෙනි.

කෙසේ වෙතත් දවස පුරාම විවෘතිව තිබෙන ඩුබායි ගුවන් තොටුපලේ තැපැල් කාර්යාලය එදිනද විවෘතව තිබෙන බව එමිරේට් තැපැල් කණ්ඩායම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.

රටේ සියලු තැපැල් කාර්යාල සඳුදා දිනයේ  (ඔක්තෝබර් 03) සිට යළි විවෘතව තැබෙන බව එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

 

 


RECOMMEND POSTS