එකම සිලින්ජරයෙන් 30 කට එන්නත් කරලා

එකම සිලින්ජරයක් භාවිත කරමින් සිසුන් 30 දෙනකුට 'කොවිඩ් 19' එන්නත් ලබා දුන්නැයි චෝදනා ලැබූ ඉන්දීය සෞඛ්‍ය නිලධාරයකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ වී ඇත.
එකම සිලින්ජරයක් භාවිත කරමින් සිසුන් 30 දෙනකුට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාව් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සාගර් දිස්ත්‍රික්කයේ පාසලකිනි.
'එක සිලින්ජරයයි; එක එන්නත් කටුවයි; එක් සැරයයි' යනුවෙන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ වැඩසටහන හදුන්වා දෙමින් ඉන්දීය සෞඛ්‍ය අංශ එරට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.
චෝදනා එල්ල වූ සෞඛ්‍ය නිලධාරියා පවසා ඇත්තේ තමන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තමන්ට ලැබුණු උපදෙස් අනුව එන්නත් කිරීම් කළ බවය.
(බීබීසී)

