උෂ්ණත්වය වැඩිම ජූලි මාසයේ



මිහිපිට වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ වාර්තා වූ බව ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය පවසයි.

ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය මේ බව පෙන්වා ඇත්තේ ගතවුණු වසර 142 ක කාලයේ ඔවුන් විසින් රැස්කරගනු ලැබූ ගෝලීය සාගර මතුපිට සහ ගොඩබිම උෂ්ණත්වය දත්ත ඇතුළත් වාර්තා පාදක කර ගනිමිනි.

පසුගිය ජූලි මාසය වනවිට ගෝලීය සාගර මතුපිට සහ ගොඩබිම උෂ්ණත්වය ෆැරන්හයිට් 1.67 ක් තෙක් ඉහළ ගිය බවත්, එය 2016 වාර්තාව අලුත් කළ බවත් ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය පැහැදිලි කරයි.

මීට පෙර මිහිපිට වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ යැයි වාර්තා අතරට එක් ව තිබුණේ 2016 ජූලි මාසයයි. එස ගණනට වඩා අංශක 0.02 කින් පසුගිය ජූලි මාසයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

(වොෂින්ටන් පෝස්ට්)

 


RECOMMEND POSTS