උමගේ සිරවුණු කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ



උතුරු ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටී, ඒ තුළ සිරවුණු ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි දිවිගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

දිවිගලවා ගැනීමේ මෙහෙයුම්වලට ආයතන රැසක් සම්බන්ධ වී සිටී. ඉන්දීය රජයේ ‘ජාතික ආපදා ප්‍රතිචාර බලකාය’ ද ඊට සම්බන්ධ වී සිටින අතර, එහි ප්‍රධානී අතුල් කර්වාල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, මේ වනවිට උමං මාර්ගය අවහිර කළ කොන්ක්‍රීට් තට්ටු ඉවත් කර, කම්කරුවන් 41 දෙනා සිටින ස්ථානයට සිදුරු විදීමට හැකියාව ලැබී ඇති බවය.

කෙසේ නමුත්, කැණීම් යන්ත්‍රයක සිදුවුණු දෝෂයක් හේතුවෙන්, කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවුණු බව අද (24) උදෑසන දැනගන්න ලැබුණි. කම්කරුවන් 41 දෙනා උමං මාර්ගය තුළ සිරවූයේ පසුගිය 12 වැනිදාය. ඔවුන් සිටින ස්ථානයට සිදුරු විදිමින් නළ සම්බන්ධ කර තිබේ. ඒවා හරහා ඔක්සිජන් සහ ආහාර පාන ලබා දීම නොකඩවා සිදුවෙමින් පවතී.


RECOMMEND POSTS