උමං මාර්ගයක් ජලයෙන් යටවෙයි



ඇද හැලෙන මහ වැසි හේතුවෙන් දකුණු කොරියාවේ උමං මාර්ගයක්  හදිසි ජල ගැලීමකින් යටවී ගියේය.

මගින් පිරි බස් රථයක් ඇතුළු මෝටර් රථ 15 ක් එම අවස්ථාවේ උමඟ තුළ සිරවුණු බවත් ඒවායේ සිටි බොහෝ දෙනකු මියගිය බවත් වාර්තා වේ. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් වහා ක්‍රියාත්මක වුණු නමුත් ඔවුන්ට මළසිරුරු 7 ක් හමුවුණු බව පැවැසෙයි.

උමං මාර්ගය ජලයෙන් පිරී ගියේ ඔසොංග් නමැති දකුණු කොරියානු නගරයේය. උමං මාර්ගය මීටර් 685 ක් දිගය. උමඟ තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුමට දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 400 දෙනකු සහභාගී වුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS