උප ජනපති මාස්ක් නැතිව රෝහලේ

නිවසින් පිටතට යෑමේදී අනිවාර්්යයෙන්හ මුහුණු ආවරණ පැලඳීම කළ යුතු යැයි ඇමෙරිකන් වෛද්‍ය සභාව නිර්දේශ කර තිබියදී, ඇමෙරිකන් උප ජනපති මයික් පෙන්ස් ඊයේ (29) මුහුණු ආවරණ නොමැතිව රෝහලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පත් කළ ‘කොවිඞ් 19’ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද මයික් පෙන්ස් ය. මුහුණු ආවරණ පැලඳීමේ ඇති වැදගත්කම මයික් පෙන්ස් අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
උප ජනාධිපති පෙන්ස් මුහුණු ආවරණ නොමැතිව ගියේ මිනසෝටා නගරයේ මායෝ වෛද්‍ය මධ්‍යස්ථානයටය. එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ද ‘කොවිඞ් 19’ ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. වෛද්‍ය මධ්‍යස්තානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් ඔහුගේ සුවදුක් විමසීමටත් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමටත් උප ජනාධිපති මයික් පෙන්ස් අමතක නොකළේය.
උප ජනාධිපති මයික් පෙන්ස් මුහුණු ආවරණ පැලඳ නොසිටියත්, ඔහු සමඟ ගිය ‘කොවිඞ් 19’ කාර්ය සාධක බලකායේ සෙසු නිලධාරීන් පමණක් නොව, උප ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පවා මුහුණු ආවරණය කරගෙන සිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
මුහුණු ආවරණයක් නොමැතිව මායෝ වෛද්‍ය මධ්‍යස්ථානයට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් උප ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළේය. එවිට උප ජනාධිපති පෙන්ස් පිළිතුරු දී ඇත්තේ, තමන් අසල සිටින හැමෝම ‘කොවිඞ් 19’ වයිරස පරීක්ෂණවලට නිරන්තරයෙන් ලක් කරන බැවින් තමන් මුහුණු ආවරණ පැලඳ නොසිටි බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)

