උතුරේත් දකුණේත් වෙලාව සමානයි

දේශසීමාවේ පැවැති කොරියා සාම සමුළුවේදී, එකඟත්වය පළ කළ ආකාරයට දකුණු කොරියාවේ වේලාවට සමාන අයුරින් තම වේලාව ද වෙනස් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් අද (5) පියවර ගත්තේය.
උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ පැවැතියේ එකම වේලාවකි. කෙසේ නමුත් පැවැති එදිරිවාදිකම් හේතුවෙන් වෙලාව විනාඩි 30 කින් පස්සට දැමීමට උතුරු කොරියාව පියවර ගෙන තිබුණි.
එය යළි විනාඩි 30 ක් ඉදිරියට දැමීම මැදියම් රැයේ සිට සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
(රොයිටර්)

