උතුරු දකුණු කොරියා අතර සබඳතා අලුත් වෙයි



උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර හොඳහිත යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති බවත්, දෙරට අතර දේශසීමාවේ 'රාජ්‍ය තාන්ත්‍රික සබඳතා' කාර්යාලයේ කටයුතු යළි ආරම්භ වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙම කාර්යාලය පිහිටුවීම සිදුවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදීය. ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර මුහුණට මුහුණ හමුවීම් සිදුවුණු අතර, දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතරේ ද යහපත් සබඳතා නිර්මාණය විය.

කෙසේ නමුත්, ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් න්‍යෂ්ටික අවිහරණයක් සිදුනොවුණු බැවින්, ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතරේත් ඉන්පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේත් සබඳතා අඩපණ  වූ අතර, දේශසීමාවේ 'රාජ්‍ය තාන්ත්‍රික සබඳතා' කාර්යාල විනාශ කිරීමට පවා උතුරු කොරියා හමුදාව පියවර ගෙන තිබුණි.

මේවනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ විශේෂ දුරකතන සේවය පවා යළි ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)

 

 


RECOMMEND POSTS