උතුරු කොරියාවේ ආර්ථිකය ශක්තිමත් කරනවා

උතුරු කොරියාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමක් කිරීමට සහාය දීමට ඇමෙරිකාව සූදානම් බව, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියයි.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ කියා සිටියේ පසුගිය දා උතුරු කොරියාවේ සංචාරය කරමින් යළි පැමිණීමෙන් පසුවය.
එම සංචාරයේ දී උතුරු කොරියා නායකයා සහ මයික් පොම්පේඕ අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා සාර්ථක වුණු බව ද පැවැසෙයි.
ඇමෙරිකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින්, එරට වැසියන්ගේ සමෘද්ධිය වෙනුවෙන් ඇමෙරිකාව කැප පෙනේනේ උතුරු කොරියාව මුළුමනින්ම න්‍යෂ්ටික කටයුතු නවත්වා, න්‍යෂ්ටික අවි බැහැර කළොත් පමණක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කොන්දේසියක් පනවා ඇත. ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය.
(රොයිටර්)

