උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට තර්ජන



ඕනෑම මොහොතක ඇමෙරිකාව සමඟ යුද්ධ කිරීමට තමන් සූදානම් යැයි උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු රජය ඇමෙරිකාවට මෙසේ අනතුරු ඇඟවීමක් කළේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, ඇමෙරිකන් නාවික හමුදා බළඇණියක් උතුරු කොරියාව අසල කොරියානු අර්ධද්වීපයට සේන්දු වීමත් සමඟය.

උතුරු කොරියානු රජය ඇමෙරිකාවට අනතුරු අඟවමින් වැඩිදුරටත් පවසා ඇත්තේ යුද්ධයක් හටගත්තොත්, එහි ඵලවිපාක දරුණු වනු ඇතැයි කියාය. ඇමෙරිකාව කොරියානු අර්ධද්වීපයට තම නාවික බළඇණිය එවීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ද උතුරු කොරියාව පවසා තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS