උතුරු කොරියාව යළිත් මිසයිල අත්හදා බලයි

උතුරු කොරියාව පස්වැනි වරටත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලුවේය. මිසයිල විදීම සිදු කරනු ලැබුවේ මුහුද දෙසටය.
උතුරු කොරියා පවසා ඇත්තේ තමන් මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ, ඇමෙරිකාවත් දකුණු කොරියාවත් එක්වී පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය පළකිරීමක් ලෙස බවය.
මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට පෙර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, යළිත් වරක් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ‘ලස්සන ලිපියක්’ ලැබී ඇතැයි ද වාර්තා වේ.
එම ලිපියේ උතුරු කොරියා නායකයා සඳහන් කර ඇත්තේ, තමන් මිසයිල අත්හදා බැලීම කරන්නේ ඇමෙරිකාවට විරෝධය දැක්වීමක් ලෙස නොව, දකුණු කොරියාවට විරෝධය දැක්වීමක් ලෙස බවය.
(රොයිටර්ස්)

