උතුරු කොරියාව තවත් මිසයිල 2 ක් අත්හදා බලයි



දකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ එක් වී සිදු කරන යුද අභ්‍යාසයට විරෝධය දක්වමින්, උතුරු කොරියාව තවත් දිගු දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලුවේය.

සති දෙකක් ඇතුළත උතුරු කොරියාව, ඔවුන්ගේ යුද ශක්තිය ලොවට පෙන්වමින් සිදු කළ 7 වැනි බැලැස්ටික මිසයිල අත්හදා බැලීම මෙය යැයි පැවැසෙයි.

උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම් පිළිබඳ ඇමෙරිකාව සහ දකුණු කොරියාව පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කනස්සල්ල පළ කර ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS