උතුරු කොරියානුවන් අතරේ උදරාබාධයක්



උතුරු කොරියානුවන් අතරේහඳුනා ගැනීමට අපොහාසත් වූ උදරාබාධයක් පැතිර යමින් පවතින බව එරැට සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරුන් පුදුමයට පත් කර ඇතැයි පැවැසෙන මෙම උදරාබාධයට හේතුව බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයක් යැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

පසුගිය දිනවල 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති වයිරසය උතුරු කොරියාව පුරා ව්‍යාප්ත විය. කෙසේ නමුත් වයිරසයේ සැර බාලවීමත් සමඟ එය දරුණු වසංගත තත්ත්වයක් තෙක් දුරදිග ගියේ නැත.

උදරාබාධ රෝගී තත්ත්වය උතුරු කොරියාවේ ව්‍යාප්තවීම සිදුවී ඇත්තේ ඉන්පසුවය. මේ වනවිට දහසකට වැඩි රෝගීන් ප්‍රමාණයක් උතුරු කොරියාවේ නන්දෙසින් වාර්තා වි ඇත. ඔවුන් අතර වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් ද සිටින බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS