උතුරු කොරියා නායකයාට හදිසි හදවත් සැත්කමක්



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හදිසි හෘද සැත්කමකට භාජන කර ඇතැයි දකුණු කොරියානු පුවත් සේවා අද (21) අනාවරණය කළේය.

උතුරු කොරියානු ජාතික දිනය පසුගිය අප්‍රේල් 15 වැනිදාට යෙදී තිබුණු අතර, නායක කිම් ජොන් උන් ඊට සහභාගී නොවීය. මේ සම්බන්ධයෙන් විමතිය පළ කරමින් දකුණු කොරියානු පුවත් සේවා ඒ ඇයිදැයි සොයා බලා ඇත. එහිදී ඔවුන්ට අනාවරණය වී ඇත්තේ නායක කිම් ජොන් උන් ඊට දින කීපයකට පෙර හදවත් සැත්කමකට භාජනය වූ බවය.

උතුරු කොරියානු ජාතික දිනය ලෙස සැලකෙන්නේ එරට නායක කිම් ඉල් සන්ගේ ඡන්ම දිනයයි. කිම් ඉන් සන් යනු වත්මන් නායක කිම් ජොන් උන්ගේ සීයාය.

දකුණු කොරියානු පුවත් සේවා මෙම පුවත අනාවරණය කරද්දී, උතුරු කොරියා රජයේ නිල පුවත් වෙබ් අඩවිය ලෙස සැලකෙන ‘ඬේලි එන්.කේ.’ වෙබ් අඩය ද ඒ බව තහවුරු කරමින් පවසා ඇත්තේ, හදවත් සැත්කමින් පසු උතුරු කොරියා නායකයා සුවය ලබමින් සිටින බවය. සැත්කම සිදුකර ඇත්තේ අප්‍රේල් 12 වැනිදාය.  මේ අතර, ඇතැම් බටහිර ගැති පුවත් වෙබ් අඩවි සහ පුවත් නාළිකා වාර්ත කර ඇත්තේ කිම් ජොන් උන්ගේ තත්ත්වය බරපතල බවය.

නායක කිම් ජොන් උන් 36 හැවිරිදි වියෙහි පසුවෙයි. කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ය. දෙදෙනා විවාහ වී ඇත්තේ 2009 වසරේ දීය. දෙදෙනාට කිම් ජෝ සූ නමින් හතක් හැවිරිදි දියණියක සිටී.

කිම් ජොන් උන් අධික තරබාරු, අධික ලෙස දුම් බීමට හුරු තැනැත්තකු ලෙස ප්‍රකටය. පසුගිය කාලයේ නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බව ද පැවැසෙයි. නායක කිම් ජොන් උන් රෝගී වී සහ සැත්කමට භාජන වී සුවය ලබමින් සිටින කාලයේ රටේ පාලන කටයුතු නැගණිය කිම් යෝ ජොන් විසින් සිදු කරනු ලබන බව ද වාර්තා වේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS