උතුරු කොරියා නායකයා හමුවන්න ට්‍රම්ප් සූදානමින්



එලැඹෙන චීන සංචාරයට සමගාමීව, තමන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් චීනය බලා ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගීවීමටය. සමුළුවට සහභාගී වෙන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ට්‍රම්ප්ට ඇරැයුම් ලැබී ඇත.

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව, ට්‍රම්ප් සමුළුවට සහභාගී වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමග ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පැමිණෙන්නේ ද නැද්ද යන්න මෙතෙක් දැනුම් දීමක් කර නැත.

ට්‍රම්ප්, සිය පළමු ධුර කාලයේ දී, අවස්ථා තුනකදී නායක කිස් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ යහපත් සබඳතා ඇති කර ගැනීමේ අරමුණින්ය. කෙසේ නමුත් මත ගටුම් හේතුවෙන් එම සාකච්ඡා කිසිවක් ඵලදායී නොවිණි. ට්‍රම්ප් උතුරු කොරියා නායකයා හඳුන්වා දී ඇත්තේ ‘තම පැරණි මිතුරා’ යනුවෙනි.


RECOMMEND POSTS