උතුරු කොරියා නායකයා සුබ පතයි

උතුරු කොරියා නායක නිම් ජොන් උන් චීන ජනාධිපති ෂී ජින්පින්ට සුබ පැතුම් පණිවුඩයක් යවා ඇත. ඒ, 'කොවිඩ් 19' වසංගතය හමුවේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරමිනි.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේශසීමා වසා ඇති බැවින් නායක කිම් ජොන් උන් බෙයිජීං නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී නොවෙයි.
චීනය කවදත් උතුරු කොරියාවේ සමීපතම මිතුරා බවත්, චීනය සමඟ ද්වීපාර්ශ්වික සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් උතුරු කොරියා නායකයා යැවූ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.
මේ අතර පසුගිය කාලයේ නිහඩව සිටි උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළි ප්‍රසිද්ධියේ පෙනී සිටීම ආරම්භ කර ඇත.
සුදු අශ්වයකු පිට නැගී නායක කිම් ජොන් උන් එරට කඳුකරයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පමණක් නොව, කිම් ජොන් උන් සහ බිරිඳ රි සොල් ජූ කලා ප්‍රසංගවලට සහභාගී වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප ද කොරියානු මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
(ඒ.එෆ්.පී.)

