උතුරු කොරියන් නායකයා ඇමෙරිකාවට දොස් කියයි



උතුරු කොරියා නායක කිම් ජොං උන් ඇමෙරිකාවට චෝදනා කරයි. ඒ, ඇමෙරිකාව ලොව පුරා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව පවසමිනි.

උතුරු කොරියා නායක කිම් ජොං උන්, මේ අයුරින් ඇමෙරිකාවට චෝදනා නගා ඇත්තේ, කොරියානු මහජන හමුදාව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්, එරට ආරක්ෂක අමාත්‍යාංශයේ සිදු කළ සංචාරයක් අතරතුරේ යැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කරයි.

ඇමෙරිකාව දිගින් දිගටම අසල්වැසි දකුණු කොරියාව පමණක් නොව ජපානය ද හවුල් කර ගනිමින්, යුද අභ්‍යාස පැවැත්වීම තම රටට තර්ජනයක් බව ද නායක කිම් ජොන් උන් පවසා ඇත.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන තව තවත් ශක්තිමත් විය යුත්තේ ඇමෙරිකාවෙන් එල්ල වන මෙම තර්ජන හේතුවෙන් යැයි ද කොරියානු නායකයා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් දන්වා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS