උඩු ගුවනට යන ඉන්දියානුවෝ



ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි.

එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන් සිවුදෙනා කවුරුන්දැයි හඳුන්වා දීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රධානත්වයෙනි. ‘ගගනයාන්’ යන නමින් නම් කළ එම මෙහෙයුමට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනා වන්නේ, ප්‍රශාන්ත් නායිර්, ඇන්ගාඞ් ප්‍රථාප්, අජිත් ක්‍රිෂ්ණාන් සහ සුභාෂ් ෂුකාලාය.

‘ගගනයාන්’ යනු ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් යොදා ගෙන සිදු කරන පළමු අභ්‍යවකාශ මෙහෙයුම වනු ඇත.‘ගගනයාන්’ මෙහෙයුමේ දී ගගනගාමීන් කණ්ඩායම කිලෝ මීටර් 400 ක් ඉහළ අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණෙනු ඇත.


RECOMMEND POSTS