ඊශ්‍රායලය ගිනි ගනී 80,000 ක් ආරක්ෂිත තැන්වලට



 

 

 

 (රොයිටර්)
ඊශ්‍රායලයේ හයිෆා නුවර ආශ්‍රිතව හටගත් ලැව් ගින්න හේතුවෙන් 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
හයිෆා යනු ඊශ්‍රායලයේ තෙවැනි විශාලතම නගරයයි. ලැව් ගින්න ජෙරුසිලම සහ බටහිර ඉවුර තෙක් පැතිර යන්න විය. නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුවීමෙන් විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
එය උණුසුම් කාලගුණය නිසා හටගත් ලැව් ගින්නක් නොව, කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා හටගත් ගින්නක් යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. එම ‘කඩාකප්පල්කාරීන්’ ත්‍රස්තවාදීන් වශයෙන් අගමැති නෙදන්යාහු හඳුන්වා දී ඇත.

RECOMMEND POSTS