ඉස්ලාමීය අන්තවාදීන් ඉස්ලාම් දහමට නිගරු කරනවා: හිස්බුල්ලා මහ ලේකම් කියයි

මූලධර්මවාදී, අන්තවාදී ත්රස්ත සංවිධාන හේතුවෙන් ඉස්ලාම් දහමේ සැබෑ අරුත යටපත් වී ඇතැයි ලෙබනනයේ හිස්බුල්ලා සංධානයේ මහ ලේකම් සයියාද් හුසාන් නසරල්ලා කියයි.
මැදපෙරදිග කලාපයේ රටවලත් අප්රිකා කලාපයේ රටවලත් ප්රචණ්ඩ ක්රියා සිදුකරන තක්ෆීරී ත්රස්තවාදීන් හේතුවෙන් මෙසේ ඉස්ලාම් දහමට සහ මහම්මත්තුමාට නිගරු වන්නේ යැයි හිස්බුල්ලා මහ ලේකම්වරයා පෙන්වා දෙයි.
දැඩි අන්තවාදී ප්රචණ්ඩකාරී ක්රියා ඉස්ලාම් දහමට අඩංගු නොවන බවද හුසාන් නසරල්ලා වැඩි දුරටත් කියා සිටී.
තක්ෆීරී යනු අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන්ටය. මෙම ත්රස්තවාදීන් සිරියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ සෞදි අරාබියේ ද සහාය ඇතිව යැයි හිස්බුල්ලා මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.

