ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ



නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි.

ස්පේස් එක්ස්, ටෙස්ලා මෙන්ම එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ ද හිමිකරු වන ඉලොන් මස්ක්, ට්‍රම්ප්ට සහාය දක්වන බව පෙන්වූයේ, පෙන්සිල්වේනියාවේ, බට්ලර් නුවර පැවැත්වුණු ජන රැලියක් අතරතුරේ ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙමිනි.

පසුගිය ජුනි 13 වැනිදා ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ද මෙම ස්ථානයේදී වීම විශේෂත්වයකිනි. එම වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත සීරී ගියේය. වේදිකාවේ සිටි රැස්ව සිටි රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතද්දී, ට්‍රම්ප් එම සිද්ධිය ද මතක් කළේය.


RECOMMEND POSTS