ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී



ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් සම්පූර්ණ කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට, ඉලොන් මස්ක්, ‘ට්විටර්’ සමාගමේ බහුතර කොටස් මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකටය. බහුතර කොටස් මිලදීගැනීමත් සමඟ ඉලොන් මස්ක්, ‘ට්විටර්’ සමාගමේ හිමිකාරිත්වය තහවුරු කර ගත්තේය.

තමන් ට්විටර් සමාගම මිලදී ගැනීමට සූදානම් බව, ඉලොන් මස්ක් නිවේදනය කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේය. කෙසේ නමුත්, අදාල ගනුදෙනුව දිනෙන් දින ප්‍රමාද විය. ඉලොන් මස්ක් ට ගනුදෙනුව සම්පූර්ණ කිරීමට හැකිවූයේ ඊයේ (28) ය.

ට්විටර් සමාගමේ අයිතිය තහවුරු කර ගැනිමත් සමඟ සමාගමේ ප්‍රධාන විධායක  නිලධාරියා  ලෙස කටයුතු කළ ප්‍රාග් අග්‍රවාල්, ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඞ් සේගල් මෙන්ම, සමාගමේ ඉහළම නීති සහ ප්‍රතිපත්ති විධායක ලෙස කටයුතු කළ විජය ගද්දේ ද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වුණු බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS