ඉරානයේ දරුවන් විකිණීම ඉහළ ගිහින්

ඉරානය තුළ සිදුකෙරෙන දරුවන් විකිණීම ඉහළ ගොස් ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන මොහමඩ් ඉස්මයිල් සයෙයිදි පිළිගත්තේය.
රජයේ Young Journalist Club ප්රවෘත්ති සේවය සමග පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මන්ත්රීවරයා දරැවන් විකිණීම රටේ සිදුවන සමාජ පීඩාවන්ට එක්වූ තවත් උභතෝකෝටිකයක්යයි සඳහන් කළේය.
දරුවන් විකිණීම වැඩිවී ඇත්තේ දිළිඳුකම සහ විරැකියාව ඉහළ යාමේ ප්රතිඵලයක් වශයෙන් යයි පැවසූ ම්නත්රීවරයා බලධාරින් මෙම ප්රශ්නය විසඳීමට පියවර ගෙන අර්බුදය පාලනය කරනවා වෙනුවට කරන්නේ ඒ දෙස බලා සිටීම පමණක්යයි චෝදනාවක්ද කළේය.
අන්තර්ජාලය අවභාවිතාව, දුගීබව, විරැකියාව, දික්කසාදය, රැකියාවේ සුරක්ෂිතභාවය නැතිවීම,දරුවන් විකිණීම සහ දෙමාපිය සෙනෙහස අහිමිවීම තුළින් පවුල් පදනමට බලෑමක් වීම පුදුමයට කරුණක් නොවේ යයිද ඔහු සඳහන් කළේය.
මෙම ප්රශ්න විසඳීමට පියවර නොගතහොත් පවුල් පදනම සම්පූර්ණයෙන්ම බිඳ වැටී වඩාත් දරුණු අර්බුද රැසතක් නිර්මාණය බවිය හැකි බවද ඔහු එම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

