ඉරානයත් සෞදියත් මිතුරු කරන්න චීනය සූදානම්

ඉරානය සහ සෞදි අරාබිය අතර පවතින ‘විරසකය’අවසන් කිරීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව චීනය පවසා ඇති අතර ඒ සඳහා ඉරානයේ ද අනුමැතිය හිමිවී තිබේ.
චීන ජනපති ප්රමුඛ රජය මේ බව චීනයේ බීජීං නුවර ඉරාන සහ සෞදි තානාපතිවරුන්ට දන්වා ඇති අතර සෞදි තානාපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.
ඉරානය සහ සෞදිය අතර අර්බුදයක් හටගත්තේ ඉරාන ෂියා මුස්ලිම් ආගමික නායක ෂෙයික් නිමාර් අල් නිමාර්ට මරණ දඬුවම ලබා දීමට සෞදි රජ පවුල තීරණය කිරීමය.
ආගමික නායක ෂෙයික් නිමාර් අල් නිමාර්ට මරණ දඬුවම ලබා දුන්නේ ඔහු සෞදි රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවීමෙන් පසුවය.
එම සිදුවීමෙන් පසු ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට ඉරාන වැසියන්ගෙන් ප්‍රහාරයක් ද එල්ල විය. ඉන්පසු සෞදිය ඉරානයේ සිටි සිය තානාපතිවරයා යළි ගෙන්වා ගත් අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවැතිණි.
(ප්‍රෙස් ටීවී)

