ඉරානය අන්තර්ජාලය හරහා සංගණනයක

ඉරානයේ ප්‍රථමවරට අන්තර්ජාලය ඔස්සේ සංගනණයක් සිදු කිරීමට ඉරාන රජය තීන්දු කර ඇතැයි එරට නිල රූපවාහිනිය නිවේදනය කර සිටී.
එරට වැසියන් තුනෙන් එකකට ආසන්න ජනගහණයක් එනම් මිලියන 23 ක නිවැසියන් සංඛ්‍යාවක් අන්තර් ජාල සේවාවන් භාවිතා කරන බව ඉරාන රජය තහවුරු කර ගෙන ඇති අතර ඒ අනුව මෙලෙස අන්තර් ජාලය ඔස්සේ සංගණනයක් පැවැත්වීමට තීන්දු කර තිබේ.
මෙම සංගණනයට අවශ්‍ය දත්ත ඇතුළු කිරීම සදහා වන වෙබ් අඩවිය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන අතර ඉන්පසුව එහි දක්වා ඇති ප්‍රශ්න වලට තොරතුරු දත්ත ඇතුළත් කළ යුතුව ඇතැයිද වාර්තාවේ.
අන්තර් ජාල සේවා භාවිත නොකරන ඉරාන වැසියන් වෙනුවෙන් වෙනම වෙනම ඔවුන් ගේ නිවාස වෙත ඉරාන සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයේ නිලධාරීන් යැවීමෙන් තොරතුරු ලබා ගැනීමට නියමිතය.එම කටයුතු ලබන ඔක්තෝබර් මාසයේ සිට දියත් කෙරෙනු ඇත.
ඉරානය තුළ ප්‍රථම වරය ජන සංගණනයක් පවත්වනු ලැබ ඇත්තේ 1956 දීය.මේ අතර වසර පහකට වරක් මෙලෙස සංගණනයක් පැවැත්වීම එරට සිදු කෙරෙන අතර මෙලෙස අන්තර් ජාල සේවාවන් භාවිතා කරමින් සංගණනයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂි වේ.

