ඉරාන ජනපති ලංකාවට එනවා



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක කිරීම ට නියමිතය. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙසය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරචදීමේ උත්සවය ලබන 24 වනදා පැවැත්වෙන බව ද පැවැසෙයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතය.

මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිත බව ද පැවැසෙයි.


RECOMMEND POSTS