ඉරාන කාන්තාවන් බහුතරය සමුපකාර රැකියාවල

(ටෙහෙරාන්)
ඉරානයේ කාන්තාවන්ගෙන් 119,000ක් සමූපකාර ක්‍රමවලින් තම ජිවිකාව ගෙන යන බව ඉරාන සමූපකාර කම්කරු හා සමාජ සුබසාධන අමාත්‍යශයේ උපදේශක වහීඩා නෙගින් ප්‍රකාශ කරයි.
සමුපකාර ක්‍රමවල යෙදෙන කාන්තාවන්ගේ ආර්ථික කටයුතුවල වටිනාකම රියාල් බිලියන 1,545 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වන බව ද වහීඩා සදහන් කරයි.
වහීඩා නෙගින් සදහන් කරන ආකාරයට ඉරානයේ මිලියන 11 ක කාන්තාවන් පිරිසක් විවිධාකාරයේ සමූපකාර ක්‍රමවල සාමාජිකාවන් වී සිටිතිග ඔවුහු ජාතික ආර්ථික සංවර්ධනයට හා රැකියා උත්පාදනයට සක්‍රීය ලෙස දායක වන බව ද වහීඩා නෙගින් පවසයි.
වැඩිම කාන්තා සමුපකාර සාමාජිකයන් පිරිස ඉරානයේ ටෙහෙරාන් පළාත තුළ සිටින අතර එම සංඛ්‍යාව 12ල770කට වැඩි වන බව ද වහිඩා නෙගින් මෙහිදී පැවසීය.
සැප්තැම්බර් 3 සිට 10 දක්වා යෙදී ඇති සමුපකාර සතිය වෙනුවෙන් පැවති උත්සවයකදී වහීඩා නෙගින් මෙසේ පැවසීය.

