ඉම්රාන් ඛාන් ඉදිරියට



පාකිස්තාන මහ මැතිවරණයෙන් ඉදිරියට පැමිණීමට විපක්ෂ නායක ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් වී ඇතැයි වාර්තා වේ.

මහ මැතිවරණය පැවැත්වූයේ 25 දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියා මැදය. ඒ, පාර්ලිමේන්තුවට සහ පළාත් සභා හතරකට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අරමුණින්ය.

ඡන්ද ගණන් කිරීම  සිදුවුණු අතර සියයට 30 ක ප්‍රතිශතයක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ආසන 272 න්, 113 ක් හිමිකර ගෙන ඉදිරයට පැමිණ සිටියේය.

මේ අතර දූෂණා චෝදනා මත බන්ධනාගාරගත කළ හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය ආසන 66 ක් ද, ඝාතනයට ලක් වුණු පාකිස්තාන අගමැතිනී බෙනාසීර් බූතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීෆ් අලී සර්දාරිගේ පුතා බිල්ලවාල් බූතෝගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ජනතා පක්ෂය අාසන 39 ක් ද හිමි කර ගෙන සිටියේය.

හිටපු ක්‍රිකට් තරුවක ද වන ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකිවුවත්, බහුතර බලයක් හිමි කර ගැනීමට හැකිවේවිදැයි සැකයක් පවතී. එසේ වුව​හොත් ඉම්රාන්ට තවත් පක්ෂයක් සමඟ සන්ධාන වීමට සිදුවෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS