ඉම්රාන් ආධාරකරුවන් වසර 5 ක් හිරේ



පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ආධාරකරුවන් 51 දෙනකුට වසර පහ බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද දූෂණ චෝදනා රැසකට වරදකරු වී මේ වනවිට සිරදඬුවම් විදිමින් සිටී. 

ඉම්රාන්ට දූෂණ චෝදනා එල්ල වූයේ පසුගිය වසරේය. කෝපයට පත් වුණු ඉම්රාන්ගේත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේත් ආධාරකරුවෝ පාකිස්තාන හමුදා කඳවුරුවලටත්, හමුදා මූලස්ථානයටත්, ෆයිසල්බාද් නුවර පිහිටි බුද්ධි අංශ මූලස්ථානයටත් කඩා වැදී පහර දෙමින් කලහ කරන්න වූහ. 

එම අවස්ථාවේදී ආධාරකරුවන් 51 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. සිරදඬුවම් නියම වූයේ එම පිරිසටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS