ඉබෝලා නාශක ඔසුවට අනුමැතිය



ඇමෙරිකාවේ ‘ගිලීඞ් සයන්ස්’ පර්යේෂණ ආයතනය විසින් ඉබෝලා වයිරස නාශයක් ලෙස නිපදවූ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ‘රෙම්ඩෙසෙවියර්’ නමැති ඖෂධය ‘කෝවිඞ් 19’ ආසාදිත රෝගීන්ට එන්නත් කිරීමට ඇමෙරිකන් වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

‘රෙම්ඩෙසෙවියර්’ ඖෂධය සාර්ථකව කොරෝනා වයිරස අඩපණ කළ හැකි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ‘කොවිඞ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. කොරෝනා වයිරස යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරස විශේෂයකි. ‘සර්ස්’ සහ ‘මර්ස්’ වැනි කොරෝනා වයිරස අඩපණ කිරීමට ද ‘රෙම්ඩෙසෙවියර්’ ඖෂධය සමත් වී තිබේ.

‘රෙම්ඩෙසෙවියර්’ ඖෂධය පර්යේෂණ සඳහා යොදා ගැනීම සිදු කර ඇත්තේ ඇමෙරිකානු ජාතික බෝවන රෝල විද්‍යායතනයේ විද්‍යාඥයන්ගේත් වෛද්‍ය පර්යේෂකයන්ගේත් අධීක්ෂණය යටතේය.

චීනයේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය මේ වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත්තේ ඇමෙරිකාවේය. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රෝහල් සියල්ල ‘කොවිඞ් 19’ රෝගීන්ගෙන් පිරී පවතින බව වාර්තා වේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS