ඉන්න බැරිනම් පාකිස්තානයට යන්න
ඉන්දියාවේ නීතිරීතිවලට අනුගතව ජීවත් වීමට නොහැකි නම්, පාකිස්තානයට යන්නැයි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් ප්‍රාන්තයේ මුස්ලිම් වැසියන්ට පවසා ඇත.
යෝගී අධිත්‍යනාත්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන, හින්දු ජාතිකවාදියකි.
මහ ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ, ඉන්දීය රජය විසින් සම්මත කර ගනු ලැබූ පුරවැසි පනතට විරෝධය දක්වමින්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන මුස්ලිම් විරෝධතාවලට පිළිතුරු දෙමිනි.
ඇමැති යෝගී ආධිත්‍යනාත් කළ මෙම ප්‍රකාශය ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. මේ අතර, ඉන්දියාවේ මුස්ලිම් නළු නිළියයන් අධ්යක්ෂවරුන්, විද්වතුන් ඇතුළු බොහෝ දෙනකු නව පුරවැසි පනත සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට අප්‍රසාදය පළ කර ඇත.
පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්වෙයි. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර පැවැති ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවෝ 28 දෙනෙකු මියගොස් ඇති බව ද පැවැසෙයි.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

