ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් මරුට



නයිජීරියාවේ ඉන්ධන බවුසරයක්, තවත් වාහන කීපයක ගැටී, ගිනිගෙන පිපිරී යෑමෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 ඉක්මවයි.

වේගයෙන් ධාවනය වෙමින් තිබුණු ඉන්ධන බවුසරය පළමුවෙන් ගවයන් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක ගැටුණු බවත් ඉන්පසු එය තවත් වාහන කීපයක හැපී පෙරැළි ගිනිගෙන පුපුරා ගිය බවත් පොලිසිය පවසයි.

තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි නයිජීරියානු ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS