ඉන්දුනීසියාවේ බස් රියක් පෙරැළී 24 ක් මරුට



ඉන්දුනීසියාවේ දකුණු දිග සුමාත්‍රා දූපතේ මගී බස් රියක් ඇළකට පෙරැළීමෙන් එහි සිටි 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි.

පෙරැලුණු බසය ‘ශ්‍රී විජය’ නමැති පෞද්ගලික බස් රථ සේවයට අයත් යැයි පැවැසෙයි. අනතුර සිදුවූයේ ඩෙම්පෝ ටෙන්ගා දිස්ත්‍රික්කයේ පගාර් අලාම් නගරයට නුදුරිනි.

බස් රිය පෙරැළී ගොස් ඇත්තේ මාර්ගයේ සිට අඩි 15 ක් පහළින්නවූ ඇළටය. අනතුරට හේතුව බස් රියේ රියදුරාට නින්ද යෑම නිසා යැයි ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා පවසා ඇත.

පාගාර් අලාම් සිටීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS