ඉන්දුනීසියාවට යන්න පාප්තුමා සූදානමින්



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම වසර අවසානයේ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට සූදානම් වෙයි. ඒ, ඉන්දුනීසියානු රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිණි. 

ඉන්දුනීසියාව යනු ආසියානු කලාපයට අයත්, වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රාජ්‍යයකි. අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජා අතරේ වැඩි අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් ධුරයෙන් සමුගැනීමට නියමිත ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ කළ ඇරැයුමකට අනුව, පාප්තුමා මෙසේ ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත.

ඉන්දුනීසියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 242 කි. කතෝලික ජනගහනය මිලියන 8.5 කි. ඉන්දුනීසියාවේ වෙසෙන කිතුනුවන් ගණන මිලියන 29 ක් බව පැවැසෙයි.

වතිකානයට අනුව, පාප්තුමන් මෙම වසරේ අගෝස්තු මස අවසානයේ, පැපුවා නිව්ගිනියාවේ සංචාරය කරයි. පාප්තුමන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බලා යනු ඇත්තේ සැප්තැම්බරයේය. 2013 වසරේ දී පාප් ධුරයට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්තුමා, ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 44 ක සංචාරය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS