ඉන්දුනීසියා මහ මැතිවරණය ඇරඹේ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද, ඉන්දුනීසියා මහ මැතිවරණය ඇරැඹුණි. මැතිවරණය පැවැත්වූයේ සෞඛ්‍ය නිර්දේශ යටතේය.

මිලියන 100 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු පළාත් සභා නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීමටය.

ඉන්දුනීසියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,86,000 පසු කර ඇති අතර, මරණ 8,400 ක් ලෙස වාර්තා වේ.

මේ අතර, ඉන්දුනීසියා රජය, චීනයේ නිෂ්පාදිත කොරෝනා ආසාදනය වළක්වන එන්නත මිලදී ගෙන ඇති අතර, පළමු එන්නත් තොගය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ගෙන්වා ගැණින. එම එන්නත් රජයේ රෝහල් හරහා ජනතාවට ලබා දෙන බව වාර්තා වේ.

චීන එනත මහා පරිමාණයෙන් මිලදී ගත් පළමු විදෙස් රට ලෙස ඉන්දුනීසියාව සැලකෙයි. ඉන්දුනීසියාව මිලදී ගෙන ඇත්‌තේ චීන රජය, හමුදාව සහ සෞඛ්‍ය අමත්‍යාංශය එක් වී නිපදවූ එන්නත බව වාර්තා වේ. ඉදිරියේ දී ඉන්දුනීසියා වැසියන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩාඩෝ ජාතිය අමතමින් පවසා ඇත.

චීන එන්නත ඉන්දුනීසියා රජය විසින් මිලදී ගනු ලැබුවේ, ඊට ඉන්දුනීසියා ආහාර සහ ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS