ඉන්දුනීසියා මගී යානයක් කඩා වැටේ



කඩා වැටුණේ මෙවැනි යානයකි

මගීන් 50 දෙනකුට වැඩි පිරිසක් ගමන් කරමින් සිටි, ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් වූ බවත්, එය අනතුරට ලක් වී කඩා වැටෙන්න ඇති බවත් බලධාරීහු පවසති.

මගී යානය ඉන්දුනීසියාවේ 'ශ්‍රී විජය' ගුවන් සේවයට අයත් අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. 'ශ්‍රී විජය' යනු ඉන්දුනීසියාවේ පැරණිතම ගුවන් සේවයකි. යානය බටහිර කලිමටාන් පළාතේ පොන්ටියනාක් නගරය බලා පියාසර කරමින් සිටියදී රේඩාර් තිරයෙන් අතුරුදන් වුණු බව ගුවන් බලධාරීහු පවසති.

යානය හිටිහැටියේ අඩු 10,000 ක් පහළට ගිය බව රේඩාර් තිරයෙන් දකින්න ලැබුණු බව ද පැැවසෙයි. අනතුරට පත් වෙන්න ඇතැයි පැවැසෙන යානය අවුරුදු 27 ක් පැරණි බෝයිං 737-500 යානයකි

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS