ඉන්දුනීසියා ජනපති බයිඩන් හමුවෙයි



ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමින්, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ධවල මන්දිරයට පැමිණි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයකි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධනේ බයිඩන් හමුවේ, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා කනස්සල්ල පළ කළේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිහත් වී, ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ජනාධිපති විඩෝඩෝ ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS