ඉන්දු පාකිස්තාන අර්බුදය ලොවට තර්ජනයක්

පුල්වාමා බෝම්බ ප්‍රහාරය මුල්කොට ගනිමින්, න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය ලොවට ලොකු තර්ජනයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දෙයි.
ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද බිමක් නිර්මාණය වී ඇත. ඉන්දියාවෙන් පහරදීමක් සිදුවුණොත්, ඊට මුහුණ දීමටත් පෙරළා පහර දීමටත් තමන්ට ශක්තිය ඇතැයි පාකිස්තානය පවසා ඇත.
පුල්වාමා ප්‍රහාරය එල්ල කළේ ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියයි. මෙම ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ සහ එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේ අනුග්‍රහය හිමිවන බව ඇමෙරිකාව ද හොඳින් දනී.
(රොයිටර්ස්)

