ඉන්දු චීන දේශසීමා අර්බුදයක්



ඉන්දු චීන දේශසීමාවේ රඳවා සිටින ඉන්දු චීන සොල්දාදුවන් පිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති බවත්, එය දෙරට අතර අවි ගැටුමක් තෙක් දුරදිග යෑමේ අවදානමක් පවතින බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඉන්දියාවත් චීනයත් අතර දේශසීමාව පිහිටා ඇත්තේ හිමාල අඩවියේ, ඉන්දියාවට අයත් ලඩක් ප්‍රාන්තයට ඔබ්බෙනි. ඒ මුහුදු මට්ටමේ සිට අඩි 14,000 ක් ඉහළිනි.

පන්ගොන් ත්සෝ විල පිහිටා ඇත්තේ ද මෙම දේශසීමාවේ ගුටිබැට හුවමාරුව සිදුවී ඇත්තේ මෙම විල අසල දේශසීමාවේ රඳවා ඇති ඉන්දු චීන සොල්දාදුවන් අතරේය.

සොල්දාදුවන් අතින් පයින් සහ ගල් මුල් යොදා ගනිමින් ගුටිබැට හුවමාරු කර ගන්නා අයුරු එක් ඉන්දීය සොල්දාදුවකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇත. එම දසුන් මේ වනවිට ඉන්දීය පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

පැය ගණනක් තිස්සේ පැවැති ගුටිබැට හුවමාරුව අවසන් වී ඇත්තේ ‍‍දෙපාර්ශ්වයේම සොල්දාදුවන්ට තුවාල වීමෙනි. තුවාල වුණු බව පැවැසෙන සොල්දාදුවන් ගණන 11 කි. මෙම ගුටිබැට හුවමාරුවෙන් පසු ඊට කිලෝ මීටර් 1,200 ක් දුරින් ඉන්දු චීන මුරපොලක් වන 'නතුම් ලා පාස්' හිදී තවත් ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති බව ද වාර්තා වේ. මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ සික්කිම් ප්‍රන්තයට ඔබ්බෙනි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS