ඉන්දු චීන දේශසීමා අර්බුදය ගැනත් සාකච්ඡා



ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ඒ, රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරයේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය.

ඉන්දු චීන දේශසීමා අර්බුදය දරුණු ලෙස උත්සන්න වූයේ 2020 වසරේදීය. ඉන්පසු විටින් විට, දෙරට අතර දේශසීමා මුර භටයන් අතරේ වෙඩි හුවමාරු සිදුවිය.

‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. පසුගිය 2023 වසරේ ‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේය. එම සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත්, චීන ජනාධිපතිවරයාත් අතරේ දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS