ඉන්දීයාව ගැන ඇමෙරිකාව විමසිල්ලෙන්

පෘථිවි කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකාවලට පහර දී බිම හෙලීමේ ශක්තිය තම රටට ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැටි්රක් ෂනහාන් කනස්සල්ල පළ කරයි.
ඉන්දියාව මහ මැතිවරණයකට සූදානම් වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් මාසයේය. ඒ වෙනුවෙන් මැතිවරණ රැළි පැවැත්වෙන අතර, ඉන්දීය අගමැති මෝදි මැතිවරණ රැළියකට එක් වෙමින් කියා සිටියේ, පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථානගත කර තිබූ ඉන්දීය චන්ද්‍රිකාවක් පහර දී බිම හෙලීමට තම හමුදාව සමත් වූ බවත්, ඒ හරහා ඉන්දියාව සුපිරි බලවතකු වූ බවත්ය.
පෘථිවියේ පහළ කක්ෂයේ ඇති චන්ද්‍රිකා පහර දී බිම හෙලීමේ ‘ඒසැට්’ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාවට නැංවූ සිවුවැනි රට ලෙස ඉන්දියාව සැලකෙයි. 2007 දී චීනය කියා සිටියේ ඔවුන්ගේ ‘ඒසැට්’ මෙහෙයුම සාර්ථක වුණු බවය. ඇමෙරිකාව එම අවස්ථාවේ ද චීනය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන්න විය.
“කිලෝ මීටර් 300 ක් ඉහළ කක්ෂයේ ඇති චන්ද්‍රිකා බිම දැමීමට තමන්ට හැකි බව ඉන්දියාව කියනවා. ඉන්දියාව ඔවුන්ගේ ‘ශක්ති මෙහෙයුම’ යටතේ චන්ද්‍රිකාවක් බිම හෙලා ඇති බව ඉන්දීය අගමැති මෝදි නිවේදනය කළා. අභ්‍යවකාශය අප කාටත් පොදුයි. අභ්‍යවකාශය වෙනුවෙන් ගැටුම් අවශ්‍ය නැහැ. නිදහසේ අභ්‍යවකාශ කටයුතුවල යෙදෙන්න අයිතිය කාටත් තිබෙනවා. ඉන්දියාව චන්ද්‍රිකා බිම හෙලන්න ගත්තොත් එය වාණිජමය වශයෙන් ගැටලුවක්. ඒ වගේමයි පෘථිවියේ සිටින වැසියන්ට එය තර්ජනයක්. ඒ නිසා ඉන්දියාව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි’ යැයි ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කර ඇත.
ලන්ඩන් නුවරදීය (රොයිටර්ස්)

