ඉන්දීය හමුදාවෙන් වෙඩි

පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ප්‍රාන්තයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන රාජා ෆරූක් හයිදර් ඛාන් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරයට ඉන්දීය හමුදා සොල්දාදුවන් වෙඩි තබා විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වෙඩි තැබීම කර ඇත්තේ ඉන්දියාවට අයත් කාශ්මීරයේ දේශසීමා ආරක්ෂක හමුදා සොල්දාදුවන් යැයි ද පැවැසෙයි. එම සොල්දාදුවන් පවසා ඇත්තේ හෙලිකොප්ටරය ඉන්දීය දේශසීමාවට ඇතුළු වී පියාසර කරන්න වූ නිසා ඊට වෙඩි තැබූ බවය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදයක් පවතින්නේ, මෙම කාශ්මීර ප්‍රාන්තය මුල්කොට ගනිමිනි. කාශ්මීරය ඉන්දු කාශ්මීරය සහ පාකිස්තාන කාශ්මීර ආදී වශයෙන් කොටස් දෙකකි.
රාජා ෆරූක් හයිදර් ඛාන් පාකිස්තාන කාශ්මීරයේ අසාද් පළාතේ ප්රධානියාය. හයිදර් ඛාන් පවසා ඇත්තේ ඔහු පාකිස්තාන දේශසීමාවේ ගම්මානයක පැවැති ප්‍රදේශීය දේශපාලනඥයකුගේ අවමංගල උත්සවයකට ගමන් කරමින් සිටිද්දී, ඉන්දීය දේශසීමා සොල්දාදුවන් වෙඩි තැබූ බවය.
තමා ගමන් කළ හෙලිකොප්ටරය දේශසීමා උල්ලංගනය කිරීමක් නොකළ බවත්, ඉන්දීය සොල්දාදුවන් නිකරුණේ වෙඩි තැබූ බවත් රාජා ෆරූක් හයිදර් ඛාන් මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අතර යළිත් වරක් යුද උණුසුමක් නිර්මාණය වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර සාම කතා පිළිබඳ පැවැති සිහිනය බොඳ වී යනු ඇතැයි ද ඔවුහු වැඩි දුරටත් පැහැදිලි කරති.
(එන්.ඞී.ටීවී)

