ඉන්දීය ස්වදේශ ඇමැති ජම්මු කාශ්මීරයේ



ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ රාජෝරි හි ජන රැලියක් ඇමැතුවේය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව ඉන්දියාවේ ඒ.එන්.අයි. පුවත් සේවය පවසයි.

1991 වසරෙන් පසු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයකු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මහා ජන රැලියක් ඇමැතූ පළමු අවස්ථාව මෙය යැයි භාරතීය ජනතා පක්ෂය පවසයි.

අමිත් ෂා, මෙම ජන රැලිය ඇමැතුවේ තෙදින නිල සංචාරයක් සඳහා ජම්මු කාශ්මීරය බලා ගිය අවස්ථාවේදීය.

(ANI news ඇසුරිනි)


RECOMMEND POSTS