ඉන්දීය මහ මැතිවරණය: සිවුවැනි අදිරයත් ඇරැඹේ



අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර ආරම්භ විය. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙයි. ඒ, ප්‍රාන්ත නවයක සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්‍රදේශයකය. 

සමස්ත මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ නියෝජිතයන් 543 දෙනකු තෝරා ගැනීමේ අරමුණින්ය. ලොව විශාලතම ප්‍රාජතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන්නේ ද ඉන්දීය මහ මැතිවරණයයි.

මහ මැතිවරණය ආරම්භ වූයේ අප්‍රේල් 19 වැනිදාය. ජූනි පළමු වැනිදා මැතිවරණ කටයුතු අවසන් වන අතර, එසැණින් ඡන්දය ගණන් කිරීම සිදුවෙයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි හතර වැනිදා සිදුවනු ඇත. මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී මිලියන 969 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. 

2014 වසරේ සිට ඉන්දියාවට නායකත්වය දෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. මෝදි නියෝජනය කරන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ, ප්‍රජානත්ත්‍රවාදී සන්ධානයෙනි. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS