ඉන්දීය මගී දුම්රියක් ගංවතුරට කොටුවෙයි

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කොලාපූර් තෙක් ධාවනය වෙමින් තිබුණු මහාලක්ෂ්මී සීග්රඝාමී මගී දුම්රිය ගංවතුරට කොටුවුණු බවත්, එම අවස්ථාවේ දුම්රියේ මගීන් 1,050 ක් සිටි බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
දුම්රිය ගංවතුරට කොටුවූයේ වන්ගානි නගරයට නුදුරිනි. ඒ, පසුගිය සිකුරාදා (26) රාත්රියේය. ඉන්දීය හමුදාව මැදිහත් වී, බෝට්ටු සහ හෙලිකොප්යර් යානා යොදා ගනිමින් දුම්රියේ කොටුවුණු පිරිස් මුදා ගැනීම ආරම්භ කෙරුණි.
ඒ වනවිට පැය 15 කට ආසන්න කාලයක් දුම්රිය මගීන් ආහාර කිසිවක් නොමැතිව පීඩාවට පත් වී සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මුම්බායිහිදීය (රොයිටර්ස්)

