ඉන්දීය නියමුවා නිදහස් කරන්න පාකිස්තානය සූදානම්



තමන් අල්ලා ගත් ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමු අභිනන්දන් හෙට (1) නිදහස් කරන බවත්, ඔහු යළි ඉන්දියාවට බාර දීමට කටයුතු කරන බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ, අද සවස පාර්ලිමේන්තුව ඇමැතීමෙන් ද පසුවය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොදී, හොඳහිත පෙන්වීමක් වශයෙන් අභිනන්දන් නිදහස් කරන බව ද පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS